ත්රස්තවාදීන්ගේ චංචල හා නිශ්චල දේපළ රාජසන්තක කළ යුතුයි - ඇමති රුවන්
ප්‍රහාරවලට සම්බන්ධ ත්‍රස්තවාදින්ගේ චංචල හා නිශ්චල දේපළ රාජ සන්තක කිරීමට පියවර ගත යුතුව ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය.
පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.
"මෙයින් මිය ගිය සංඛ්‍යාව 321ක් බවට පත්ව තිබෙනවා. මේක සැලසුම් සහගත ප්‍රහාරයක්. ජාත්‍යන්තර සංවිධාන සම්බන්ධ බවට තොරතුරු තිබෙනවා. මේක ජාතික තව්හීතී ජමාත් සංවිධානයේ ප්‍රහාරයක්.අන්තවාදී සංවිධාන තහනම් කිරිමට පියවර ගන්නවා. ඔවුන්ව නීතිය ඉදිරියට ගේනවා. ඔවුන්ගේ නිශ්චල දේපළ හා චංචල දේපළ රාජ සන්තක කළ යුතුයි.
මොවුන්ට ජාත්‍යන්තර සංවිධාවල සහාය ලැබී තිබෙනවා. මුස්ලිම් ජනතාවත් මේ ප්‍රහාරවලට විරුද්ධයි. අත්අඩංගුවට ගැනිමට මුස්ලිම් ජනතව සහාය දෙනවා. ජනතාවගේ සහාය ආරක්ෂක අංශ වෙතට දෙන්න. කටකතාවලට රැවටෙන්න එපා. බුද්ධි අංශ මේ පිළිබඳව දැනුවත් කර තිබුණා.
කිහිප දෙනෙක් දැනුවත් කර තිබුණත් අගමැතිතුමාටවත් මමවත් දැනුවත් කර තිබුණේ නෑ. ත්‍රිවිධ හමුදාපතිවරුන්ට මේ ගැන දැනුවත් කර තිබුණේ නෑ. අන්තවාදයට ඉඩ දෙන්නේ නෑ."











popular news
-
Mallika Perera Tuesday, 23 April 2019 03:00 PM
කිය කිය ඉන්න නැතිව කරන්න
Reply : 0 0
Champa Tuesday, 23 April 2019 04:35 PM
ඒ කියන්නේ ජනාධිපතිගේ අගමැතිගේ සහ කැබිනට් ඇමතිවරුන්ගේ චංචල නිශ්චල දේපල තහනම් කරනවා? ඒක නම් හොඳ වැඩක්. ඔය සමහරු දන්නවා අපි දන්නේ නැහැ කියලා රනිල් සහ ඔබ කියන කතාව පිළිගන්න බැහැ. පොලිසිය යවපු ලිපියේ මුලින්ම address කරලා තියෙන්නේ "ඇමති ආරක්ෂක අංශය" කියල. මෙච්චර කල් රනිල්ටයි ඇමැතිවරුන්ටයි ආරක්ෂාව දුන්නේ MSD එකද තව්හීඩ් ජමාත් එකද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

